හෙට පස්වරු 6 සිට අනිද්දා පෙරවරු 6 දක්වා පැය 12 ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ, මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.
ඒ අනුව ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීස සභා බල ප්‍රදේශ සහ ජා- ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.