ආසාත්මිකතාවයක් හේතුවෙන් පාසල් සිසුන් 12 දෙනෙකු හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.
මාදම්පේ සාන්ත සෙබස්කතියන් පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් 12 දෙනෙක් මෙලෙස රෝහලට ඇතුළත් කර තිබූ බවයි වාර්තා වන්නේ.
සිය පන්තියේ දරුවන්ගේ සිරුරේ තැනින් තැන රත් පැහැ ගෙන ඇති බවට පන්ති භාර ගුරුවරියට නිරීක්ෂණය වීමෙන් පසුව දරුවන් රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ මූලික ප්‍රතිකාරවලින් පසුව දරුවන් රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.













