අනුරාධපුරයේ සිට හන්තාන කඳුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන පැමිණි පෞද්ගලික බස් රථ රියදුරෙකුට මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිසක් මුගුරකින් පහරදෙන අයුරු අසල සිටි අයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර තිබෙනවා.
හන්තාන කඳුවැටිය නරඹා ආපසු බස් රථය මහනුවර දක්වා ධාවනය කරවන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක බස් රථයක ගැටීමෙන් උරණ වූ ගම්වාසීන් බස් රථය නතර කර රියදුරු අසුනෙන් ඇද පහරදීම නිසා රියදුරු මහනුවර ශීක්‍ෂණ රෝහල වෙත ඇතුළත් කළ බවයි එම බස් රථය අසල සිටි අයෙකු කියා සිටියේ.
අද(25) දින පස්වරු දෙකට පමණ මෙම පහරදීම සිදුව ඇති අතර එම බස් රථයේ පැමිණි ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් එම පහරදෙන පුද්ගලයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ රියදුරාට පහරදුනහොත් ආපසු ළමුන් පිරිස අනුරාධපුරයට රැගෙන යාමට නොහැකි බව පවසා සිටියදී එම ගුරුවරුන්ගේද ඉල්ලීම නොතකා එම පුද්ගලයා විසින් පහර දෙන අයුරු කැමරාවේ සටහන් වී තිබුණා.