පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ජේමජයන්ත් මහතා පවසනවා.
ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ නාරහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පවතින වැසි තත්ත්වය සමග ඩෙංගු ව්‍යාප්තිය වැඩි විය හැකි බවයි.
මෙම සති අන්තයේදී කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළේ.