පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ පස්වන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා.
එහිදී පසුගිය සිකුරාදා පැවති තරගයෙන් නුවර කිංස්වුඩ් විද්‍යාලය ලකුණු 31ට 27ක් ලෙස පරාජය කරමින් කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාල ජය ගැනීමටයි සමත් වුණේ.
මේ අතර පසුගිය සෙනසුරාදා දිනයේ තරග 5ක් පැවැත්වුණා.
එහිදී පළමු තරගයෙන් ශාන්ත තෝමස් විද්‍යාලය විසින් ලකුණු 26ට 24ක් ලෙස ශාන්ත ජෝසප් කණ්ඩායම පරාජය කරමින් තරගය ජය ගනු ලැබුවා.
මේ අතර දෙවැනි තරගයෙන් ඉසිපතන විද්‍යාලය ලකුණු 37ට 26ක් ලෙස ශාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගනු ලැබුවා.
මෙහිදී විද්‍යා විද්‍යලය සමග පැවති තරගයෙන් ජය ගනු ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි. එහිදී ඔවුන් ලකුණු 55ට 10 ලෙස විද්‍යා විද්‍යාලය පරාජය කිරීමටයි සමත් වුණේ.
කොළඹ රාජකීය විද්‍යලය සමග පැවැති තරයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 36ට 18ක් ලෙස පරාජයට පත් වුණා.
මේ අතර කොළඹ සහිරා විද්‍යාලය ලකුණු 07ට 56ක් ලෙස පරාජය කරමින් ජය ගනු ලැබුවේ ශාන්ත පීතර විද්‍යාලයයි.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











