සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවකට අදාළව සැකකරුවෙකු නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවන ආකාරයෙන් අපරීක්‍ෂාකාරී ලෙස යතුරු පැදියක් ධාවනය කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණ වූවා.
මෙම වීඩියෝවට අදාළව සිදුකළ විමර්ශනයේදී එම යතුරු පැදිය ආණමඩුව නවගත්තේගම මාර්ගයේ ආණමඩුව දෙසට ධාවනය කර ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
නවගත්තේගම පොලිසියේ නිලධාරීන් විසින් එම යතුරුපැදිය ධාවන කළ පැදිකරු අපරීක්‍ෂාකාරී ලෙස හා අන්තරාදායක ලෙස යතුරු පැදිය ධාවනය කර මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට හා යතුරුපැදිකරුවන්ට අනතුරක් සිදුකර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම යන චෝදනාව යටතේ අදාළ යතුරු පැදියද සමග ඊයේ(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 19ක් වන නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරු අද(09) අද දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර නවගත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














