පාර්ලිමේන්තුව එළැඹෙන මැයි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරනුයේ ඒ අනුව මැයි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පෙ.ව. 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ රැස්වීමට නියමිතව ඇති බවයි.