පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වැඩතහනමකට ලක් කර තිබෙනවා.
ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම බලපැවැත්වෙනවා.
පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පස්වරුවේ රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව මෙම තීන්දුව ගෙන තිබෙනවා.
ඒ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වනවා.
මේ අතර එක් අවුරුදු වැඩ බැලීමේ කාලයට යටත්ව පත්වීමක් ලබා ගැනීමට කටයුතු කිරීම ඇතුලු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීතිවලට පටහැනිව කටයුතු කිරීම වැනි වැරදි සිදු කර ඇති බවට එම උපදේශක සභාවේ මූලික විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා 2023 සැප්තැම්බර් 15 වැනිදා සිට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයේ රාජකාරී ආරම්භ කර තිබුණා.













