කොමන්ඩෝ සලින්තගේ ඉල්ලීම මත පාතාලයට ටී-56 ජීව උණ්ඩ තොගයක් මුදලට විකුණු යුද හමුදා අණදෙන නිලධාරිවරයෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙස තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා මල්ලාවි එක කඳවුරේ අණ දෙන නිලධාරිවරයා බවයි එම කොට්ඨාසය පවසන්නේ.
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන තිළිණ සම්පත් හපුආරච්චි නොහොත් වලස් කටා යන සැකකරුගෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීම් හවුමේ අනාවරණ වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
අදාළ අණදෙන නිලධාරිවරයා මීට මාස හතරකට පමණ ඉහතදී අවස්ථා දෙකකදී මෙම ජීව උණ්ඩ ලබාදී ඇති බවයි එහිදී අනාවරණ කර ගෙන ඇත්තේ.
විදේශගතව සැඟව සිටි කොමන්ඩෝ සලින්ත නමැත්තාගේ ඉල්ලීම මත සැකකාර රණදෙන නිලදාරිවරයා ඔහුට අයත් නිල කැබ් රථයෙන් ගම්පහ ප්‍රදේශයේදී තමන් වෙත එක් අවස්ථාකව ජීව උණ්ඩ තොගයක් ලබාදුන් බවත් ඉතිරි තොගය ශලින්තගේ උපදෙස් මත තවත් අයෙකුට ලබාදී තිබූ බවත් වලස් කටාගේ ප්‍රකාශයකින් අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.