පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය අද පාක්ස්ථානයේ රාවල්පන්ඩිහිදී පැවැත්වෙනු ඇති.
ඒ අනුව පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකා ් කණ්ඩායමට සිදු වුනා.
ඒ ඊයේ පැවති තීරණාත්මක තරගයේ දී පාකිස්තාන ් කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන්.
මෙහිදී පාකිස්තානයෙන් හිමි වූ ලකුණු 154ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148ක් පමණයි.










