මෙම වසරේ ඉහළම අගය වාර්තා කරමින් පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දෙනෙකුට අධිකව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිළිඳියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟයි.
පෝලියෝ වසංගතය ගෝලීය වශයෙන් තුරන් වූවද, පාකිස්තානයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් පමණක් තවමත් පෝලියෝ වසංගතය ඉතිරිව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.