පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් එම තරගාවලියෙන් ඉවත්වීමට සුදානම් වන බව වාර්තා වනවා.
විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කලේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සමගින් සම්බන්ධවීමට ඔහු සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව ඔහු ඔහු ගුජරාට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ලෙස කටයුතු කරන එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලර් සඳහා අදේශක ක්‍රීඩකයකු ලෙසින් එක්වනු ඇති.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත එක්දින තරග සංචාරය මැයි මස 29 වැනිදා සිට ඇරැඹීමට නියමිතයි.
ඒ සදහා ජෝස් බට්ලර්ට ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම හේතුවෙන් ඔහු අයි.පී.එල්. අවසන් වටයේ තරග සඳහා ගුජරාට් කණ්ඩායම නියෝජනය කිරීම පිළිබඳ ගැටලුරෑවක් මතුව ඇත බවද සදහන්.
නව තරගාවලි කාලසටහන අනුව එළඹෙන 17 වැනිදා සිට නැවත ඇරඹීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජුනි 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් තවමත් පාකිස්තාන සුපර් ලීගයේ ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන අතර එම තරගාවලිය මැයි 25 වැනිදා දක්වා පැවැත්වෙනවා.