රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි යන චෝදනා යටතේ රණවීර මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.
ඊට අදාළ නඩුව අද(30) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඒ මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
එක් එක් අය සඳහා ලක්ෂ පහ බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මත සැකකරුවන් මුදා හැරීමට නියෝග කළ අධිකරණය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමට නියෝග කළා.
එසේම සෑම ඉරිදා දිනකම සැකකරුවන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බවද ඇප කොන්දේසියේ සඳහන්.
මෙහිදී ප්‍රසන්න රණවීර මහතාට අමතරව සරත් එදිරිසිංහ මහතාටද ඇප මත මුදා හැරුණා.