ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත් වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට ද අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුලං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.