මීරිගම සහ පල්ලෙවෙල අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේදීම මීරිගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ තරමක දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවද ඔවුන් කියා සිටියා.













