වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 73 න් 57 ක්ම මේ වන විට වාන් දැමීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්යක්ෂ එච්.එන්.පී. හේරත් මහතා පවසනවා.
එමෙන්ම මීට අමතරව මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 50 ක පමණ මේ වන විට වාන් දැමීම ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවා.
මේ අතර ඌව පලාතේ මෙන්ම අම්පාර, මඩකලපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්කවල අදත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.