පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සදහන් කළේ පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
එම මතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවන් කිහිපයක් පැන නැගී ඇති බවත් එම බාධාවන් නිරවුල් කිරීමට මේ දිනවල සාකච්ඡා ආරම්භ වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළා.
පළාත් සභා නවයේම නිල කාලය අවසන් වීම හේතුවෙන් වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඒවා පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේයි.
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පසුගිය දා සදහන් කලේ නීති ගැටලු නිරවුල් කර දුන් වහා මැතිවරණය පැවැත්වීමට සූදානම් බවයි.
එම මැතිවරණය පැවැත්වීමට මුදල් දැනටමත් වෙන් කර ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














