පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව පළාත් පාලන ආයතන 161 ක කටයුතු අද ආරම්භ වනවා.
දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161 කට අදාළවයි මෙම සභා පිහිටුවීම සිදු කරනු ලබන්නේ.
එමෙන්ම අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම, පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස් වී තීරණය කරනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.