සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 255ක් රැස් කළා.
එහිදී ජනිත් ලියනගේ ලකුණු 67ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම්, ටස්කින් අහමඩ් සහ ටන්සිම් හසන් ශකීබ් කඩුළු 03 බැගින් බිඳහෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 257ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නජ්මුල් හුසේන් ශන්ටෝ පන්දු 129දී නොදැවී ලකුණු 122ක් සහ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක ලකුණු 44ට කඩුළු 2ක් බිඳහෙළුවා.
නජ්මුල් හුසේන් ශන්ටෝ තරඟයේ වීරයා සම්මානය හිමි කර ගැනීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට














