පසුගිය මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ අනුව පසුගිය මාසය තුළ විදෙස් සංචාරකයින් දෙලක්ෂ 244 ක් මෙරටට පැමිණ ඇති බවයි .
පසුගිය වසරේ ජුලි මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 87,810 ක් .
මේ මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කලා.
එමෙන්ම බි්‍රතානයයෙන් සහ නෙදර්ලන්තයෙන්ද සැලකිය යුතු පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.