මාවනැල්ල, අලුත්නුවර, මානික්කාව ප්‍රදේශයේ ඉඩමක ආරක්ෂිත බැම්මක් බඳිමින් සිටි පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යට වූ සේවකයන් දෙදෙනෙකුගේ සිරුරු ගොඩ ගත් බව පොලිසිය පවසනවා.
සිද්ධිය වූ ස්ථානයේ පුද්ගලයන් හතර දෙනෙක් සේවය කර තිබෙනවා.
යට වූ සේවකයෙකු මුදා ගැනීමට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
එම ස්ථානයේ සේවකයන් සිව්දෙනෙක් සේවය කර ඇති අතර එක් අයෙක් පස් කන්දට යටවී නොමැති බවද වාර්තා වනවා.