වසර 2024 අය-වැයෙන් රාජ්‍ය සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000ක දීමනාවෙන් ඉතිරි රුපියල් 5000 අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව සියලු රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවීමට සූදානම් බවත් රාජ්‍ය ඇමැතිවරයා කියයි.
එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28කට නොමිලේ සහල් කිලෝ 10 බැගින් ලබා දීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීවේය.