ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙනවා.
ඒ, ග්‍රීන්ස් සහ ග්‍රේස් කණ්ඩායම් අතරයි.එම තරගය හෙට පස්වරු 1.30ට කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
කමිදු මෙන්ඩිස් ග්‍රීන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර චරිත් අසලංක ග්‍රේස් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනු ලබනවා.
එළඹෙන ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සදහා ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීම පාදක කර ගනිමිනුයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
මේ වන විට මෙම තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ හිමිකර ගැනීමට රුවනිදු ප්‍රනාන්දු සමත්ව තිබෙනවා
ඒ ඉනිම් තුනකදී ලකුණු 142ක් රැස්කර ගනිමින්.
එහි දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් චරිත් අසලංක සහ කමිල් මිශාර විසින් හිමි කරගෙන තිබෙනවා.
පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකරගෙන ඇත්තේ චාමික කරුණාරත්නයි .
එම සටහනේ දෙවන සහ තුන්වන ස්ථාන පිළිවලින් නුවන් තුෂාර සහ අකිල ධනංජය විසින් හිමිකරගෙනන තිබෙනවා