රැඳවුම් නියෝග මත සිටි සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු මත ජීව පතරොම් තොගයක් සොයා ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය මාර්තු මස 29 දින මීටියාගොඩ, මහවත්ත ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතන හා අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව්දෙනෙක් රිවෝල්වර වර්ගයේ අවියක්, එම පතරොම් හා මත්ද්‍රව්‍ය සමග මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් දෙදෙනෙක් අප්‍රේල් 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අනෙක් සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
එම සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු මත විමර්ශන නිලදාරීන් විසින් ඊයේ(01) දින රාත්‍රී මීටියගොඩ ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී ටී 56 පතරොම් 96ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ජීව පතරොම් 13ක් සොයාගෙන තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හා මීටියාගොඩ පොලිසිය විසින් වැඩිුදර විමර්ශන සිදු කරනු ලබනවා.














