නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 91 ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ මන්නාරම පේසාලේ සිරිතෝප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින්.
එම යාත්‍රාව තුළ සිටියදී පරවියන් 72 ක් සහ පොර කුකුළන් 19 දෙනෙක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් වයස අවුරුදු 17ක් සහ 52 ක් වන පේසාලෙයි සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදාව පවසනවා.