කොළඹ මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදී අද(06) අලුයම සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි තැබීමෙන් විනාඩි කිහිපයක් ඇතුළත අදාළ යතුරු පැදිකරු අත්අඩංගුවට ගැනීමට මෝදර පොලිසිය සමත් වූ බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට පත් සැකකරු මාලිගාවත්ත බෝධිරාජා මාවතේ පදිංචි 21 හැවිරිදි අයෙක- වන බවත් ඔහු කෙසෙල්වත්ත කවී නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවත් පොලිසිය පවසනවා.
වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පණිවුඩ නිකුත් වීමත් සමගින් මෝදර පොලිසියේ පොලිස් සරුයන්වරුන් දෙදෙනෙක් විසින් රාත්‍රී යතුරු පැදි රාජකාරියේ නිරතව සිටියදී තවත් පොලිස් නිලධාරියෙකු එක් කර ගනිමින් පළා යමින් සිටි යතුරු පැදිකරු වටකර තිබෙනවා.
එහිදී අදාළ යතුරු පැදිකරුගේ යතුරුපැදිය පෙරලීමත් සමග සැකකරු කිඹුලාඇළ වත්ත ප්‍රදේශයට පළා ගොස් තිබෙනවා.
එහිදී අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති අතර එහිදී සඟව සිටි සැකකරු ඉන් මිදී මාර්ගයට පැමිණ ත්‍රීරෝද රථයක නැගී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ අදාළ පොලිස් සැරයන්වරුන් මාදම්පිටිය පොලිසියේ ජංගම සංචාරක ජීප් රථයක නිලධාරියෙකුගේද සහය ඇතිව අදාළ ත්‍රීරෝද රථය නවතා සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත කවීගේ උපදෙස් මත කෙසෙල්වත්ත ප්‍රදේශයේදී යතුරු පැදියට නංවා ගත් බවයි.
වෙඩි තැබීමෙන් පසුව පිටකොටුව කැලෑ පොල අසලින් ඔහු බැස්සවූ බවත් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොදන්නා බවත් පවසා තිබෙනවා.