මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නුවරඑළිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් තිබූ නඩු තුනකට අදාළ විත්තිකරුවන්ට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් අද(02) මරණ දඬුවම නියම කර තිබෙනවා.
ඒ 1998 වර්ෂයේදී නානුඔය, දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකුව ලිඳුල මෙරායා වත්තේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.
මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ පොන්නම්බලම් සදීෂ් නමැති 47 හැවිරිදි චූදිතයාටයි.
2019 වර්ෂයේදී පට්ටිපොළ පොලිස් වසමේදී තම මව, බිරිඳ සහ දරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ආර්.එම්. චන්ද්‍රතිලක නමැති 55 හැවිරිදි චූදිතයාටද මරණ දඬුවම නියම කර තිබෙනවා.
මෙම නඩු දෙකම නානුඔය පොලිසියේ පොලිස් සැරයන් සුරංග (67946) නිලධාරියා විසින් පවත්වාගෙන ගොස් තිබෙනවා.
එසේම 1990 වර්ෂයේදී බගවන්තලාව ප්‍රදේශයේදී මොහොමඩ් මොහොම්මඩ් සුමන් නමැති පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ බගවන්තලාව ප්‍රදේශයේම 64 හැවිරිදි වීරරත්න සහ 62 හැවිරිදි කරුප්පයියා අන්නදොරෙයි නමැති චූදිතයන් දෙදෙනාටද මරණ දඬුවම නියම කර තිබෙනවා.














