මේ රටේ බී ලූණු, අල සහ එළවළු ගොවියාට සහන ලබාදෙන ලෙස බල කරමින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සියලුම ව්‍යාපාරිකයන් වෙළෙඳ සැල් වසා දමා අද(19) දින උද්ඝෝෂණයක නිරතව තිබෙනවා.
නුවරඑළිය අනගාරික ධර්මපාල මාවත අසලින් ආරම්භ කළ උද්ඝෝෂනය නගර මධ්‍යයෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය දක්වා ගමන් කර තිබෙනවා.
උද්ඝෝෂණය සංවිධානය කර නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිඳු රත්නායක මහතා එහිදී කියා සිටියේ වත්මන් රජය බලයට පත් කිරීමට ගොවියා පාරට බැස කටයුතු කළ බවත්, එම ගොවීන්ගේ අයිතිවාසිකම් ලබාගැනීමට අද ගොවියාට යළිත් පාරට බැසීමට සිදුවී ඇති බවයි.
දේශීය ගොවියා රැකගැනීම වෙනුවට බී ලූණු සහ අල ආනයනය කරන පුද්ගලයන් ආරක්ෂා කරගැනීමට රජයේ ඇතැම් ඇමැතිවරු කටයුතු කරන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි තරිඳු රත්නායක මහතා කියා සිටියේ.
වත්මන් රජයේ මෙම ක්‍රියාවලිය හේතුවෙන් දේශීය අල ගොවියාත්, බී ලූණු ගොවියාත්, එළවළු වගා කරන ගොවියාත් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් මෙයට විසඳුම් ලබානොදෙන්නේ නම් සමස්ත ගොවීන් මෙම ගැටලුව විසඳා ගැනීමට කොළඹට පැමිණෙන බව උද්ඝෝෂණයට එක්වූ ගොවි සංවිධානවල නියෝජිතයන් කියා සිටියා.
නුවරඑළිය එළවළු වගා කරන කිසිදු ගොවියෙකු අද(10) දින තම දෛනික කටයුතු සිදු නොකළ අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම හෝ බොදාහැරීම අද(10) දින සිදු කර නැහැ.
උද්ඝෝෂණය අතරතුර ගොවීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් පොල් ගැසීමක්ද සිදු කර තිබෙනවා.













