දිට්වා සුළි කුණාටුවත් සමග නුවරඑළිය නගරයට ගලා ආ විශාල ජල කඳත් සමග නුවරඑළියේ ග්‍රෙගරි වැව පිටාර ගැලීම නිසා ගෙග්‍රරි වැව පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විනාශ වී වැවේ ගාල් කර තිබූ සංචාරක බෝට්ටු කිහිපයක්ද විනාශ වී තිබෙනවා.
නුවරඑළිය ප්‍රදේශයේ තවදුරටත් පවතින වර්ෂාව, සුළඟ සහ මීදුම් තත්ත්වයන් හේතුවෙන් බෝට්ටු සේවය පවත්වාගෙන යාමට නුවරඑළිය මහ මනගර සභාවෙන් මෙතෙක් අවසර ලබාදී නැහැ.
තවද පවත්නා කාලගුණ තත්ත්වයෙන් නුවරඑළියට දෙස්විදෙස් සංචාරකයන් නොපැමිණෙන නිසා සංචාරක හෝටල්ද සම්පූර්ණයෙන්ම තාවකාලිකව වසා දමා තිබෙනවා.
ග්‍රෙගරි වැව පරිශ්‍රයට නගරය හරහා ගලා බසින ලද වැසි ජලය එක්රැස්වීම නිසා සුන්දර ග්‍රෙගරි වැව තුළ ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු නගරයේ ඉවතලූ අපද්‍රව්‍ය රැසක් ජලාශ පතුලේ සහ ජලාශ පරිශ්‍රයේ එක්රැස්වීම නිසා ගෙග්‍රරි වැවේ විශාල පරිසර හානියක්ද සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
පවත්නා තත්ත්වය මත ජීවනෝපායක් ලෙස නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවය පව්තවාගෙන ගිය බෝට්ටුකරුවන්ගේ ආර්ථික තත්ත්වය පහළ වැටීමෙන් ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එම නිසා අපවිත්‍ර වී ඇති ග්‍රෙගරි වැව සහ ග්‍රෙගරි වැව පරිශ්‍රය සම්පූර්ණයෙන්ම සුද්ද පවිත්‍ර කර යළිත් සංචදාරක බෝට්ටු සේවය පවත්වාගෙන යාමට නුවරඑළිය මහ නගර සභාවේ බලධාරීන් ක්‍රියා කළ යුතු බවයි නුවරඑළිය සංචාරක කර්මාන්තයේ නියැලි පිරිස කියා සිටින්නේ.













