මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද අලුයම ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදු කර ඇති එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිමෙන් විනාශයට පත්ව තිබෙනවා.
කදපොල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑළිය බෝමුරු ඇල්ලට ජලය ගලා බසින ඇළ මාර්ග පිටාර ගැලිමෙන් එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වු බවයි ගොවින් සඳහන් කළේ.
ඇළ මාර්ගය පිටාර ගැලිම නිසා නුවරඑලිය, කදපොල, ගල්පාලම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා නුවරඑළිය රාගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.