නුවරඑළියට පිවිසීමට ඇති මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට පත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය අද(07) කියා සිටියේ.
ඒ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යලේය පැවැති මාධ්‍ය හමුවකදීයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ මහියංගණය සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය සිට හැටන් හරහා කොළඹ දක්වාත් පුස්සැල්ලාව මාර්ගයත් ප්‍රධාන මාර්ග වාහන ධාවනයට විවෘතව ඇති බවයි.
තවද නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් එය විවෘත කිරීමට තව දින කිහිපයක් ගතවන බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවත් දැනට විවෘත කර ඇති මාර්ගවල ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවද ලේකම්වරිය කියා සිටියා.
තවද ආපදාවට ලක්වූ ප්‍රදේශ කිහිපයකට යාමට මාර්ග විවෘත නොමැති බවත් එම මාර්ග ද අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස සහ දේපළවලට හානි සිදු වූ 2000කට හෙට(08) දින වන්දි මුදල් ගෙවීමට කටයුතු කර ඇති බවත් අනෙකුත් අය සඳහා සතියක් ඇතුළත මුදල් ගෙවීමට හැකි බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය විසින් නිර්දේශ ලබාදී ඇති අතර එම නිර්දේශ අනුව හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් සීමිත ප්‍රමාණයක් පමණක් ඉදිකටු පහණෙන් ශ්‍රී පාද මළුව දක්වා යැවීමටත් සෙසු වන්දනාකරුවන් ඉඳිකටු පහණ පොලිසිය අසලින් රත්නපුර ශ්‍රී පාද මාර්ගයට පිවිස ශ්‍රී පාද උඩමළුව දක්වා යැවීමට කටයුතු කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.
මෙම ආපදා අවස්ථාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආධාර උපකාර විශාල වශයෙන් ලැබෙන බවත් ඇතැම් ආයතන විසින් එම ආධාර නිසිලෙස බෙදාහැරීම් සිදු කරද්දි තවත් ආයතන කිහිපයක් එය නිසිලෙස සිදු නොකරන බවත් දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියා.













