නුවරඑලියේ එළවලු අස්වැන්න හෙට(10) දින අලෙවි කිරීමෙන් සහ ප්‍රවාහනෙ කිරීමෙන්
වැළකී සිටින බවත්, ඒ අනුව රජයට විරෝධය දැක්වීමක් වශයෙන් නුවරඑලියේ එළවලු
ගොවීන් සහ එළවලු ගොවිතැනේ නියැලී සිටින සියලුම පාර්ෂවයන් හෙට දින තම
දෛනික කටයුතු වලින් ඉවත් වන බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති
තරිදු රත්නායක මහතා පවසනවා.
ඒ අල ගොවීන් සහ බී ලූණු ගොවීන් තම අස්වැන්න අලවි කරගැනීමට නොහැකිව සිටියදී
ආනයනික අර්තාපල් සහ බීලූණු සදහා සරිලන බද්දක් අය නොකිරීමට විරෝදය දක්වමින්
පසුගිය 8 වනදා නුවරඑලියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තරිදු රත්නායක මහතා මේ බව සදහන් කළා.
ඒ පිලිබදව ජනාධිපතිවරයාගේ අවධාය යොමු කර කඩිනමින් විසදුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියෙදි දැඩි තීරණයකට එළබෙන බවයි නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










