ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහුව මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කර ඇත්තේ.
අධිකරණ භූමිය තුළ තිබූ බන්ධනාගාර බස් රථයක් පිටතට ගැනීමට යාමේදී අදාළ නීතීඥවරයා සහ මෙම පොලිස් නිලධාරියා අතර බහින් බස්වීමක් සිදුව තිබුණා.
මෙම නීතිඥවරයා පැමිණි මෝටර් රථය අධිකරණ භූමියේ නවතා තිබීම හේතුවෙන් බන්ධනාගාර බස් රථය පිටතට ගැනීමට නොහැකිවී තිබුනා.
එම බහින්බස් වීම දුරදිග යාමෙන් පොලිස් කොස්තාපල්වරයා මෙම පහරදීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.