රුපියල් ලක්ෂ දෙකක් වටිනා සජීවී විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (ඨරුැබ ක්‍ය්බබැක) ඔස්සේ පිට කරගෙන යාමට තැත් කරමින් සිටියදී , අද(27) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 57 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද(27) දින අලුයම 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කඩදාසි කොළ වලින් ඔතා මෙම විසිතුරු පැළ තොගය සඟවාගෙනවිත් තිබෙනවා.
මෙම පැළ තොගය මෙරටට රැගෙන ඒම සඳහා මොහු වලංගු ආනයන බලපත්‍රයක් හෝ සෞඛ්‍ය ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත්වූ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම පැළ තොගය රාජසන්තක කර ඒවා රට තුළට ඇතුළුවීමෙන් සිදු විය හැකි හානි අවම කිරීම සඳහා විනාශ කරදැමීමට කටුනායක ශාක නීරෝධායන ආයතනය වෙත භාර දී තිබෙනවා.














