නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග සැකකරුවෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත ඊයේ(09) දින උදෑසන වෙන්නප්පුව, මාඔය පරණපාර ප්‍රදේශයේදී වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 626ක් අඩංගු පාර්සල් 17ක් සහ පළිබෝධ නාශක බවට සැකකරන පැකට් 60,000ක් අඩංගු පාර්සල් 20ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරු වයස අවුරුදු 27ක් පමණ වන කොළඹ 15 ප්‍රදේයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය කියා සිටියා.
වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













