නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියාසිටියේ ඊයේ(20) රාත්‍රී කාලයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත බවයි.
එහිදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 4200ක්(කාටූන්210)ක් සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 21ක් පමණ වූ අවිස්සාවේල්ල පාර, ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













