නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ති බෙනවා.
පොලිසිය කියා සිටියේ අද(17) අලුයම් කාලයේදී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් කර ඇති බවයි.
එහිදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි 12000ක් (කාටුන් 60)ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 58ක් පමණ වන ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන් තොටුපොළ ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














