රුපියල් 3,540,000 (තිස් පන් ලක්ෂ හතලිස් දහසක්) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (ඨරුැබ ක්‍ය්බබැක) ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක අද(05) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි, නිතර නිතර ගුවන් ගමන්වල නිරත වන 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද(05) දින අලුයම 05.30 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 23,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 118 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.