තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ සැකකරුවන් 78 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
ඩිංගි යාත්‍රා 35ක් සහ බහු දින ධීවර යාත්‍රාවක් ද නාවික හමුදාව භාරයට ගැනීමටයි කටයුතු කෙරුණේ.
නීති විරෝධී ධීවර ආම්පන්න සහ පන්න ක්‍රම භාවිතයෙන් සිදු කරණු ලබන ධීවර කටයුතු හේතුවෙන්, සාගර පරිසර පද්ධතියට සිදුවන අහිතකර බලපෑම වැළැක්වීම සඳහා සහ නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම් සිදු කරන බව නාවිත හමුදාව පවසන්නේ.