තීරු බදු නොගෙවා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන එන ලද ජීප් රථයක් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ එම අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුවයි.
තීරු බදු රහිතව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරටට රැගෙනවිත් ව්‍යාජ ලේස ලේඛන සකස් කළ ජීප් රථයක් මිරිහාන ප්‍රදේශයේ වර්තමාන හිමිකරුගේ නිවසේ තිබියදී මෙලෙස ඊයේ(24) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධී ලෙස ගෙන්වන ලද ජීප් රථය හා එම රථයේ දත්ත මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද වෙනත් ජීප් රථයක දත්තවලට ව්‍යාජව ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.











