නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද වියළි කහ තොගයක් දුන්ගල්පිටිය පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(26) අළුයම දුන්ගල්පිටිය, බංගමැන්ඩිය ප්රදේශයේදී දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියළි කහ කිලෝ 2970 ග්රෑම් 600ක් සහිත උර 75ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දුන්ගල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














