තිරප්පනේ ප්‍රදේශයේ නිවසකට ඊයේ(10) අලුයම් කාලයේ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ හිමිකරුට පොල්ලකින් පහරදී කොල්ලකෑමක් සිදුකර පළාගොස් ඇති බව වාර්තා වනවා.
එලෙස කොල්ල කා ඇත්තේ රන් මාල දෙකක්, අත්පළඳනාවක්, පෙන්ඩනයක්, මුද්දක් සහ මුදල්යි.
කොල්ල කනලද භාණ්ඩ සහ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 12කට ආසන්න බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.