කළුතර සෙිය නිවසේ සිටියදී එගොඩඋයන පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් නිලධාරියෙකුට අද(4) දහවල් කිසියම් පහරදීමක් සිදුව ඇති බව වාර්තා වනවා.
කළුතර, නාගොඩ, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පිහිටි එම පොලිස් නිලධාරියාගේ නිවසට කඩු පොලු රැගෙන පැමිණි පිරිසක් මෙලෙස පහරදී පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පහරදීම තම නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවක සිදුව ඇති බවද වාර්තා වනාව.
පහරකෑමෙන් පසු සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අදාළ සැරයන්වරයා රෝහල්ගතවීම සඳහා සූදානම් වන විටදී තවත් පුද්ගලයෙන් දෙදෙනෙක් පැමිණ අතින් පයින් පහර දී ඇති බවද වාර්තා වනවා.
පහරදීමට ලක්වූ සැරයන්වරයාගේ හිසට සහ වම් ඇස ආසන්නයේ තුවාල සිදුව ඇති බවත් ඔහු කළුතර නාගොඩ ශීක්‍ෂණ රෝහලට ඇතුළත්ව ඇති බවත් වාර්තා වනවා.