නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් ඇදහැලෙන වැසි සහ තද සුළං හේතුවෙන් නානුඔය උඩරදැල්ල ප්‍රධාන මාර්ගයට යුකැලිප්ටස් ගසක් අද(29) කඩා වැටීමෙන් එක් නිවසකට අර්ධ වශයෙන් හානි සිදුව මාර්ගයේ ගමනාගමන කටයුතුද ඇන හිට තිබූ බව නානුඔය පොලිසිය පවසනවා.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුනු ගස නානුඔය පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශයේ වතු කම්කරුවන් එක්ව කපා ඉවත් කරන තෙකේ එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැයකට අධික කාලයක් අවහිර වී තිබූ බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.
ගස කඩා වැටීමෙන් අර්ධ වශයෙන් හානි වී තිබූ නිවසේ කිසිදු පුද්ගලයෙකු තුවාල සිදුව නොමැති බවද පොලිසිය පවසනවා.
පවතින තද සුළං සහ වර්ෂාවත් සමග හැටල් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ගවලත් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නානුඔය පොලිසිය රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.