2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව වනස්පති ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර 40,684.99 ක විශාලත්වයක් සහිත ලංකාවේ දෙවැනි විශාලතම වනාන්තරය වන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා .
එම වනාන්තරය රක්ෂිතයක් බවට පත් කිරීමේ ගැසට්පත්‍රය ද නිකුත් වී තිබෙනවා .
ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටකට රක්ෂිත වනාන්තර ඇති කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම අතිශය වැදගත් වන අතර පාරිසරික හා ජෛව විවිධත්ව සංරක්ෂණය මෙන්ම වනසතුන් සඳහා සුපෝෂණ කලාප මෙම ක්‍රියාවලිය ඔස්සේ සැකසෙන බැවින් වනජීවී සහ මිනිස් සහජීවනය සහිත හරිත රටක් තැනීමේ ගමන පහසු වනු ඇති බවයි සඳහන් වන්නේ .













