ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක ලෙස පෙනී සිටිමින් චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගත් බව කියන සැකකාර තරුණයෙකු මෙම මස 21 වන දා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග ඊයේ (අගෝ. 7) නියෝග කළා ය.
තැපැල් සේවකයෙකු වන පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකාර තරුණයෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
කිසියම් පුද්ගලයෙකු තමන්ගේ ඡායාරූපය යොදා සකස් කර ගත් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවට චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව පොල්ගහවෙල ප්‍රදේශයේදී සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවය.
සෝමරත්න දිසානායක වශයෙන් පෙනී සිටි මෙම සැකකාර පුද්ගලයා චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බවට පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල වයස 20 හා 35 අතර වියේ පසුවන තරුණියන්ගේ හා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.