මෙම වන අලි තර්ජනය හේතුවෙන් මෙම ප්‍රදේශවල මිනිස් ජීවිත මෙන්ම වන අලින්ගේ ජිවිත ආදිය නිරපරාදේ විනාශ වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව පවසනවා.
එම නිසා මෙම ප්‍රදේශයේ ජනතාව බළධාරින්ගෙන් ඉල්ලාසිටින්නේ කඩිනමින් මෙම වන අලි ගැටලුව සදහා කඩිනම් විසදුම් ලබාදෙන ලෙසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුරුළු මීගහපට්ටිය ප්‍රදේශයට පසුගිය දිනක රාත්‍රී කාලයේදී පැමිණි වන අලි රංචුවක් විසින් එම ප්‍රදේශයේ මෙවර යළකන්නය වෙනුවෙන් වගාකර තිබූ වී වගාබිම් රැසක් වන අලින් විසින් විනාශ කර තිබෙනවා.
මෙම වන අලි ගැටලුව වසර ගණනාවක තිබෙන බවත් හුරුළුවැව රක්ෂිතයේ සිට පැමිණි වන අලි රංචුවක් විසින් මෙම වගාවන් විනාශ කර ඇති බවත් ප්‍රදේශවාසින් පවසනවා.
තමන් ළග තිබූ අත කන කර ආදිය උකසට තබා අධික මිලගණන් වලට කෘෂි රසායන සහ පොහොර ආදිය විශාල ලෙස මිලගණන්වලට මිලදීගෙන මෙම වගාවන් සිදුකරන්නේ විශාල බලාපොරොත්තු මැදයි.