මෙවර නිදහස් උත්සවය මහජනතාවගේ නිදහස් උත්සවයක්, මහ ජනතාවට වැඩිපුර සහභාගී විය හැකි නිදහස් උත්සවයක් බවට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබේරත්න මහතා පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ 77 වැනි නිදහස් දින සමරු උළෙල පිළිබඳව මාධ්‍ය හමුවට සහභාගී වෙමින්.
මෙවර නිදහස් චතුරස්රයේදි 77 වැනි නිදහස් දින සමරු උළෙල පැවැත්වෙන බවයි ඔහු සඳහන්කර සිටියේ.
එමෙන්ම මෙවර නිදහස් උළෙලේ සංයුතිය පිළිබඳව එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා අදහස් දැක්වීමක් මෙහෙදී සිදුකළා.
එහිදී ඔහු සඳහන්කර සිටියේ හමුදා සාමාජිකයින් 1873ක් මෙම සැමරුම් පෙළපාලියට සහභාගීවෙන බවයි.
එය පෙර වසරට වඩා 1511ක් අඩුවීමක් සිදුකර ඇති අතර පෙළපාලියේ ඇති අභිමානය රැකෙන පරිදි එය සැලසුම් කර ඇති බවයි ඔහු පවසා සිටියේ.
එමෙන්ම ගුවන් හමුදාවේ ගුවන් යානා 03ක් පමණක් මෙවර සහභාගී කරගන්නා අතර සන්නද්ධ රථ පෙළපාලී මෙවර සහභාගී නොවන අතර සාමාජික පෙළපාලිය පමණක් සහභාගී කරගන්නා බවත් සඳහන්.
නාවික හමුදාව විසින් සම්ප්‍රධායානුකූලව පැවැත්වෙන ආචාර වෙඩිමුර 25ක් පවත්වන අතර එය දහවල් 12ට පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.