නිදහස් දිනය දා බන්ධනාගාරගත රැඳවියන්ට විවෘතව අමුත්තන් හමුවීමේ විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව එළඹෙන පෙබරවාරී (04) වැනිදා එම අවස්ථාව හිමිවනු ඇත.
එදින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවුවකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව හිමිවනවා.
මෙම කටයුත්ත සියලුම බන්ධනාගාරයන් තුළදී සිදු කරනු ලබන බවයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පවසන්නේ.