Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    2026-04-02

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
    • තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාවලපිටිය පස්බාගේ සංවර්ධන කමිටුව උණුසුම්

    නාවලපිටිය පස්බාගේ සංවර්ධන කමිටුව උණුසුම්

    2026-01-26කියවීමට මිනිත්තු 3ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාවලපිටියපස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන  කමිටුව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන යන අයගේ සහභාගීත්වයෙන් (31) දින නාවලපිටිය  සමෘද්ධි බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

    එහිදී දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු සාකච්ඡාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අනවසර පරිහරණය පිළිබඳ  සුවිශේෂි කරුණු කිහිපයක් මෙහිදි සාකච්ඡා විය.

    ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන මහතා විමසා සිටියේ නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නමින් පවත්වාගෙන යන මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල, උත්සව භාණ්ඩ සැපයීමේ මධ්‍යස්ථානය  හා ඒ ආශ්‍රිතව ගේට්ටු යොදා වසා දමාඇති හිස් භූමිය යන කොටස් 03 පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේන්   වර්තමාන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

    එහිදී දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණි නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ කොටස් දෙකකට බදුකරයක් ලබා දී ඇති බවත්, ඉතුරු කොටසට තාවකාලික අවසරයක් ලබා දී ඇති බවත්ය.

    මෙම පරිශ්‍රය ප්‍රථමයෙන් නේවාසික ගිවිසුමක් මත ලබා දුන්නත් පසුව එය පුණ්‍ය කටයුතු සහ වාණිජ කටයුතු ලෙස ගිවිසුම වෙනස් කර ඇති බවත් තක්සේරු කළ මුදලෙන් කොටසක් ගෙවා ඇති බවත් මෙහිදී අනාවරණය විය.

    එහිදී බදුකරයේ ගිවිසුමට අදාළ නොවන භාවිතය යෙදෙන හිස් භූමිය අවකාශයේ සඳහා ගේට්ටු යොදා  ආවරණය කර ඇති කොටසේ එම ගේට්ටු සහ බැමි මාසයක් ඇතුළත  ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ
    නිළධාරින්ට දන්වා සිටියහ.

    ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙදි අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේ

    “අපි අහිංසක මිනිස්සුන්ගේ ගෙවලුත් අයින් කරා නුවර  ඉන්න හිටින්න තැනක් නැති අයගේත්  අනවසර ඉදිකිරීම් කියලා , එහෙම තියෙද්දි මේ එක එකාට ටවුන් එක මැද වටිනා ඉඩම් දෙන්න බෑ. බිස්නස් මොඩ්ල් එකක් හදලා අපි ඕක විකුණමු.

    මහින්දානන්දටම ඕන නම් සල්ලි දීලා ගන්න කියමු අපිට ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි රජයට අයිති වෙන්න තියෙනවා මුදලක් .

    ඒ හින්දා ගේට්ටුව වහගෙන අනීතිකව රැස්වීම් තියන්න ඉඩ දෙන්න අපිට බෑ.ඒ හින්දයි වහල තියෙන දුම්රිය භූමියේ ගේට්ටු තාප්ප ඉවත් කරලා දාන්න . එතකොට භූමිය ඕපන් .හිඟන්නෝ ඇවිල්ලා හිටියත් කමක් නෑ ඒ හිඟන්නොනේ .හිඟන්නෝ වගේ හැසිරෙන්න ඕන නෑ සල්ලි තියෙන මිනිස්සු , ඒක කරන්න පුළුවන්ද.

    මං මේ ඔබතුමියට බනිනවා නෙමෙයි මේ කාරණා පිළිබඳ අවධානයොමු කරන්න. වැරදියට තේරුම් ගන්න එපා මාසයක් ඇතුළත අපි ඒක අයින් කරමු. අයින් කරන දවසක කියන්න පොලිසිය මැදිහත් වෙන්න නාගරික දේශපාලන අධිකාරිය මැදිහත් වෙන්න.ඊට පස්සේ අපි ඒක වෙන්දේසි කරනවනම් කරමු  මම මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නීති අංශයේ නිලධාරියාට කතාකරලා විස්තර දැනගෙන තමා බලන්නන ආවේ. ඒ හින්දා එහෙම ගිවිසුම් අයින් කරන්න පුළුවන්.  අපි අනවසර ඒවාට අත දානවා මොනා අනම් බනං කියනවා පොර ටෝක්නේ අපි
    දෙන්නේ .මේ ඇස් පනා පිට අපිට එකක් තියෙනවා ඒක අපිට අයින් කරගන්න බෑ .

    වැඩක් නෑනේ .අවුරුද්දක් වෙනවා මොනවා හරි කරන්න එපැයි මේකට .කවුරුහරි හිතනවනම් අවුරුදු පහ ගෙවිලා ඇවිල්ලා ඕකෙ ඉන්න පුළුවන් කියලා සොරි තමයි ඈ .. ඒවා වෙන්නෙ නෑ .ඒක නිසා ඕක ඔතනින් අයින් කරමු අපි ඒක නිත්‍යානුකූලව කරමු.”

    එහිදී නාවලපිටිය නගරයේ අනවසර ඉදිකිරීම් පිළිබඳ විමසීමේදී නගර සභා ලේකම් තුමිය ප්‍රකාශ කළේ තම බල ප්‍රදේශය තුළ 200කට ආසන්න අනවසර ඉදිකිරීම් පවතින බවත්, මේ වන විට විස්සකට අධික ප්‍රමාණයක ඉදිකිරීම් තවදුරටත් සිදුවන බවයි . එසේ ඉදිවන ඉදිකිරීම් වල නාමලේඛනයක් ජනතාවට දැන ගැනීම පිණිස මාධ්‍යයට ලබා දෙන ඒ තුළින් බිම්  මට්ටමින් අනීතිකව කටයුතු කරන පුද්ගලයන්ට විරෝධයක් මතු කළ හැකි බවත්  නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. එසේම එම ඉදිකිරීම් වලින් අවමය දහයක් සඳහා මාසයක් තුල නාගරික සංවර්ධන අධිකාරිය සමග එකතුවී නීත්‍යානුකූල කටයුතු සිදු කරන හැටියටත් දන්නා සිටියා.

    පෙර පුව​තත්‍රී රෝද රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරුට තුවාල
    ඊළඟ පුව​ත ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට

    සබැ​ඳි පුවත්

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    2026-04-02

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    2026-04-02

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group